BREAKING NEWS
Search

අනුර කුමාර දිසානායක ආසියාවේ ලොකුම ඒකාධිපතියා බවට පත්වෙලා තිබෙනවා – සුජීව සේනසිංහ

1202

රටේ ජනතාවගේ මුදල් ඉතුරු කරන බවට පවසා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කිසිවක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

එවක පාර්ලිමේන්තුවේදී තමන් සමඟ රාජපක්ෂවරුන්ට චෝදනා කරන ලද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අද ධනවාදයේ පියා බවට පත්ව ඇති බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නීති විරෝධී දේවල් සිදු කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා විශාල වශයෙන් කතා කළ බවද, නමුත් අද වන විට plug එකක මිලද රුපියල් 75,000 ක් බවට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ගතවූ මාස කිහිපය තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ආසියාවේ ලොකුම ඒකාධිපතියා බවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරමින් යන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Credit – Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *