BREAKING NEWS
Search

මිනිසා හඳට ගිහින් අවුරුදු 56ක්.. නීල් ආම්ස්ට්‍රෝන්, කොරියන් යුදබිමෙර් සිට ලියූ ඓතිහාසික ලිපිය මෙන්න

1608

 

මිනිසා සඳ මතට පා තබා අදට වසර 56ක් සපිරෙනවා.

නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයි­කල් කොලින්ස් රැගත් ඇපලෝ 11 යානය ඓති­හා­සික සඳ ගමන ආරම්භ කළේ 1969 ජූලි 16 වැනි දින­යේදී අමෙ­රි­කාවේ කැලි­ෆෝ­නියා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යෙන්.

නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් රැගත් ඊගල් යානය සඳ මතට ගොඩ බැසීම සිදු­වූයේ 1969 ජූලි 20 වැනි දින රාත්‍රී 8.17 වන අතර නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබුවේ 10.56ටයි.

මෙය සිදු­වූයේ මෙරට වේලා­වෙන් ජූලි 21 වැනි දිනයි. මයි­කල් කෝලින්ස් සඳට ගොඩ බැසී­මක් සිදු නොකළ අතර ඔහු මවු යානය පද­ව­මින් සඳ වටා ගමන් කර­මින් කළ මෙහෙය ඉතා අගය කළ යුත්තක්.

ආම්ස්ට්‍රෝන් එක්සත් ජනපද ගුවන් හමුදාවට සම්බන්ධ වන්නේ 21 හැවිරිදි වියේදීය. ඔහුට අවදානම් සහගත කටයුතු සඳහා ඉදිරිපත් වීමේ නිර්භීතභාවය උපතින්ම හිමිව තිබුණේය.

1952 කොරියානු යුද්ධයේදී ඔහු හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස විශිෂ්ට දස්කම් පෑවේය.

නීල් ආම්ස්ට්‍රෝන්ගේ පියා ස්තෙපාන් ආම්ස්ට්‍රෝන් නම් විය. 21 හැවිරිදි පුත්‍රයා ප්‍රහාරක ගුවන් යානාවල සේවය කරනවාට පියාගේ කැමැත්ත පළ කර තිබිණි. එහෙත් ගුවන් හමුදාවේ සේවය පිණිස ඔහු පිටත්ව යෑම පිළිබඳව වියෝලා ලුවිස් නම් මව බලවත් අසතුටෙන් සිටියාය.

මෙහි දැක්වෙන ලිපිය නීල් ආම්ස්ට්‍රෝන් කොරියානු යුදබිමේ සිට සිය පියාට එවන ලද්දකි.

1952 සැප්. 9 දයාබර තාත්තාට,
අම්මාට ලියූ අන්තිම ලිපියට පසු බරපතළ තත්ත්වයට මුහුණපාන්නට සිදුවුණා. මේ කෙටි ලිපියෙන් ඒ ගැන තොරතුරු ටිකක් දන්වන්නම්. මම අන්තිමට එවූ ලිපියට පසු දින සතුරු ප්‍රදේශයක් කරා මට යන්නට සිදුවුණා. මම ගිය ගුවන්යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වුණත් සතුරන්ගේ දේශ සීමාවට සැතපුම් 100කට පමණ අෑතින් යානය ගොඩබස්සවා ගන්නට පුළුවන් වුණා.
කෙසේ වුවත් ඒ බරපතළ තත්ත්වයට මුහුණ දෙමින් එම ප්‍රදේශයෙන් නිරුපද්‍රිතව යළි නිදහස් වී ඒමට හැකිවුණා. තවත් තොරතුරු ඊළඟ ලිපියෙන් දන්වන්නම්. ඊළඟ දවසේ අපේ කණ්ඩායමේ ළමයින්ගෙන් දෙදෙනකුට වෙඩි වැදුණා. ඒක මහ රුදුරු දවසක්. මේ එවන්නේ පිටපතක්.
මෙහි මුල් පිටපත ගුවන් හමුදාවේ ලිපි ගොනුවේ ඇත.
නීල් ආම්ස්ට්‍රෝන්

මේ සඳ ගමන සඳහා රට­වල් 137ක් දායක වූ අතර එයින් ශ්‍රී ලංකා­වට සුවි­ශේෂී තැනක් හිමි­වූයේ සඳෙන් රැගෙන ආ පස් පරීක්ෂා කළ මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රුම මහ­තාගේ දාය­ක­ත්වය හේතු­වෙනි.

එතුමා නිසා ශ්‍රී ලංකා කොඩිය ද සඳ ගම­නට එක්කර ගැනීම සිදුවූ අතර එතුමා ආතර් සී. ක්ලාක් ආය­ත­නයේ ආර­ම්භක අධ්‍ය­ක්ෂ­ව­ර­යාද වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!