ඇතෙක් සමග ඇති කරගත් සටනින් පරාජය වූ වන අලියා..! අඩි 9න් උස දැවැන්තයා සදහටම සමුගනී !

3759

ඇතෙකු සමග දරුණු සටනක නිරතවී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ වැලිතුඩ ප්‍රදේශයේදී මියගොස් තිබේ.

ඒ අනුව අද (26) උදෑසන ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි මහතා විසින් වනඅලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය.

එහිදී ඔහු සඳහන් කළේ වනඅලියා මියයෑමට හේතුව පසුගිය දිනවල ඇතෙකු සමග ඇතිවූ ගැටුමෙන් ඇතිවූ බරපතළ තුවාල බවය.

මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 40ක් පමණ වන උස අඩි 9ක් පමණ වන සත්වයෙක්ය.

වනඅලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා පසුගිය දින කිහිපයේම ප්‍රතිකාර සිදුකර තිබුණි

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *