BREAKING NEWS
Search

‘ තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වුනා..’ – ට්‍රම්ප්ගෙන් නිවේදනයක් !

703

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් දෙරටේ අගමැතිවරුන් ඇමතූ බවත් මතුව ඇති ගැටුම් අවසන් කර සාමය සඳහා ඇති වැදගත්කම තමන් ඔවුන් දෙදෙනාට අවධාරණය කළ බවත්ය.

එමෙන්ම දෙපාර්ශ්වය ක්ෂණික සටන් විරාමයක් සහ සාමයක් සොයමින් සිටින බවත් ඔවුන් වහාම සටන් විරාමයක් සඳහා පිවිසෙන්නේ නැතිනම් ඔවුන් සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකර නොගන්නා බවටත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කර තිබේ.

එමෙන්ම කාම්බෝජයේ අගමැතිවරයා සහ තායිලන්තයේ වැඩබලන අගමැතිවරයා සමග සිදුකළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම සටන් විරාමයක් සඳහා විසඳුම් සොයමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

තවද තායිලන්තය සහ කාම්බෝජය යනු දිගු ඉතිහාසයක් සහ සංස්කෘතියක් ඇති රටවල් දෙකක් වන බැවින් ඔවුන් ඉදිරි වසර ගණනාවක් සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි සමත් අපේක්ෂා කරනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සටහන මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව අමෙරිකානු ජනපති නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!