BREAKING NEWS
Search

හදිසියේ ඇති වූ ක්ලාන්තයක්… රටක් සංවේදී කරමින් රෝස මල් කැකුළක් අකාලයේ මිලින වෙයි..! සංවේදී ඒ පුවත මෙන්න !

8419

 

 

හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි එකළොස් හැවිරිදි පාසල් සිසුවියෙකි.

අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත.

එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

කෙසේ වෙතත් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මරණ පරීක්ෂණය පැවැත්වුවද මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඒ අනුව සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා මරණයට හේතුවක් සොයා ගැනීමට තීරණය කර විවෘත තීන්දුවක් ලබාදෙමින් දියණියගේ දේහය භාරකරුවන්ට ලබා දී තිබේ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!