BREAKING NEWS
Search

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා 19ක් ගොඩගන්න යයි…?

4639

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වෙයි. දැනට සොයාගෙන ඇති මෙම ස්ථාන 25 සම්බන්ධයෙන් තොරතුරු රැසක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම ගුවන් යානා රාවණා රජු විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බවත් එම යානා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන ගුවන් ගත කර ඇති බවත් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි එම අංශය කියයි. මෙම ගුවන් යානා එකල කුරුණෑගල, වාරියපොල, සීගිරිය, දඹුල්ල, බදුල්ල, මහියංගනය, හම්බන්තොට යන පළාත්වල ගල්ගුහා තුළ සහ පොළොව අභ්‍යන්තරයේ සගවා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මෙම පරීක්‍ෂණ අංශය සමත් වී ඇත.

මෙහිදී රාවණා රජුගේ ගුවන් යානා පාලනය කිරීම සඳහා වෙනම පුද්ගලයකු ද සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට එම පරීක්ෂණ අංශය සමත් වී ඇතැයි පැවැසේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ සංවර්ධන හා සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ මෙම ගුවන් යානා සඟවා ඇති ස්ථාන පිළිබඳව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව පවතින්නේ කාබන් පරීක්ෂණයක් මගින් පමණක් බවය.

එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇති බවත් එක් කාබන් පරීක්ෂණයක් කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය වන බවත් එය මෙරටදී සිදු කිරීමට තරම් තාක්ෂණික හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. එම කාබන් පරීක්ෂණය සිදුකිරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බවද ඔහු කීවේය. රාවණා රජුගේ මෙම ගුවන් යානා සොයා ගැනීමේ ව්‍යාපෘතියක් 2020 වසරේදී ආරම්භ කෙරුණු නමුත්

ඒ සඳහා එවකට පැවති රජය අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොදීම නිසා එම ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදු වී තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා එවකට විශේෂ කමිටුවක් ද පත් කර තිබූ අතර ඒ සඳහා ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක්ද සහභාගී වී ඇත.

එම කමිටුවට මහාචාර්ය රාජ් සෝමදේව මහතාද ඇතුළත් කර සිටි නමුත් පසුව එම කමිටුවෙන් ඔහු ඉවත්විය. එම ව්‍යාපෘතිය සඳහා මෙරට විශේෂඥ පුද්ගලයන් පිරිසක් එක්ව සිටී. නමුත් පසුව ඔවුන්ගේ පසුබෑම නිසා ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදුවී ඇත. වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන සහ සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ ලබන වසර තුළදී මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට සූදානම් බවයි. ඒ අනුව රාවණා රජුගේ ගුවන් යානා ගොඩ ගැනීමේ මෙහෙයුම් ව්‍යාපෘතිය යළිත් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව ඔහු කීවේය.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

රාවණ රජුගේ යානාව – දඩුමොනරය.

රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ “දඩු මොණර” යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ “හෙළයන්” ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,ලoකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.

මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ “බැබිලෝනියන්” ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් “බැබිලෝනියන් ශිෂ්ටාචාරය” වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් “එල්ලෙන උයන” මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය “එල්ලෙන මාළිගාව” ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට “එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්” සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද….??????සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි

සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි

අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම “බැබිලෝනියන් ශිෂ්ටාචාරය” හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ “මිසර” ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,

බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප

ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!