BREAKING NEWS
Search

අනුරගේ ආණ්ඩුව සුරක්ෂිතයි – ශ‍්‍රී ලංකාව IMF ඉලක්ක පසු කර යයි…!

3958

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති ණය පහසුකම යටතේ ජුනි මාසය සඳහා වූ ප්‍රධාන මූල්‍ය ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්, වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමඟ රාජ්‍ය බදු ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යෑම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

IMF වැඩසටහන යටතේ ජුනි මාසය අවසන් වන විට රුපියල් බිලියන 130ක ප්‍රාථමික ගිණුම් ශේෂයක් (Primary Account Balance) අපේක්ෂා කළ නමුත්, ශ්‍රී ලංකාව රුපියල් බිලියන 859ක අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගිය මූල්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි.

වසරේ පළමු මාස හය තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1650ක් විය යුතු බවට වූ IMF ඉලක්කය ද ඉක්මවා යමින්, ශ්‍රී ලංකාව රුපියල් බිලියන 2152ක බදු ආදායමක් උපයා ඇත.

මෙම ඉහළ ආදායම් මට්ටම, වසර අවසානය වන විට අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යෑමේ හැකියාව පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ඇති කරයි.

IMF විසින් නියම කර ඇති ඉලක්ක අනුව, සැප්තැම්බර් මාසය අවසන් වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2750ක් විය යුතු අතර, වසර අවසානය වන විට එම මුදල රුපියල් බිලියන 4350 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් ලබා ඇති ප්‍රගතිය අනුව, මෙම ඉලක්කද සාර්ථකව ජයගැනීමේ හැකියාවක් පවතී.

වාහන ආනයනය යළි ආරම්භ කිරීම, බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම සහ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයන් කාර්යක්ෂම කිරීම මෙ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පැහැදිලිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!