BREAKING NEWS
Search

ඔටුන්න හිමි විලියම් කුමරුත් ගෙවල් මාරු කරයි.

1417

ඔටුන්න හිමි විලියම් කුමාරයා මේ අවුරුද්ද අන්තිමේ ගෙවල් මාරු කරන්න ලෑස්ති වෙනවා. විලියම් කුමාරයා කේට් කුමරිය ඇතුළු පවුලම මේ වෙනකොට ඉන්නෙත් කුලියට. ඒ නිසා වෙන්න ඇති ඔවුන් මේ වසර අවසානයේ අළුත් ගෙදරකට යන්න තීරණය කරලා තියෙන්නේ. ඒ නිවස මෙතනින් ඉදිරියට කුමරුගේ සදාකාලික නවාතැන වනු ඇති බවත් ඔහු රාජ්‍යත්වයය පත්වීමෙන් පසුවත් එම නිවසේම ජීවත් වනු ඇති බවත් රජ පවුලෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියවෙනවා.

විලියම් කුමාරයාගේ නිළ නිවහන උනේ කෙන්සින්ටන් මාලිගය. ඩයනා කුමරිය ජීවත්ව සිටි කාලයේ ඇය දරුවන් දෙදෙනා එක්ක ජීවත් උනෙත් ඒ මාලිගයෙම තමා. ලන්ඩන් නගරයේ විශාල උද්‍යානයක් මැද පිහිටා තිබෙන කෙන්සින්ටන් මාලිගය අතහැර විලියම් කුමරු වින්සර් හී පිහිටි දැනට ජීවත් වන කාමර හතරක් සහිත නිවසට මාරු වෙන්නේ 2022 වසරේදී. ඒ කුමරු සිය පවුලේ සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය ගැන කල්පනා කරලා.
කෙන්සින්ටන් මාලිගය කියන්නේ දවසට නරඹන්නන් දහස් ගණනක් එන තැනක්. ඊට අමතරව ඒ උද්‍යානය හරහා දිනකට දස දහස් ගණනක් මිනිස්සු එහා මෙහා යනවා. ඒ නිසා විලියම් කුමරු සහ කේට් කුමරිය තමන්ගේ දරුවන් සමගම වින්ඩ්සර් ප්‍රදේශය මාරු වෙනවා. එහේට යන්න තවත් හේතුවක් විදියට කියවෙන්නේ එවකට ජීවිතයේ අවසන් කාලය ගත කරමින් වින්ඩ්සර් මාලිගයේ රැදී සිට සිය මිත්තනිය වූ දෙවන එලිසබත් රැජිණව සමීපව බලා කියා ගැනීම. ලන්ඩන් ඉදලා නිතරම එහේ යන්න එන්න බැරිවීම නිසාත් විලියම් කුමරු ස්ථිරවම වින්ඩසර් ප්‍රදේශයට ගිහින් තියනවා.

වේල්ස් කුමරු අළුතින් තෝරා ගත්ත නිවහන තරමක් කැලෑ බදව පිහිටා තියන Forest Lodge එකක් කියලා තමයි කියවෙන්නේ. කාමර අටක් සහිත විශාල නිවසක් වූ එම නිවස විලියම් කුමරු විසින් පවුම් මිලියන 16කට සිය පෞද්ගලික මුදලින් මිලදී අරගෙන තියනවා. ඒ සදහා රටේ ජනතාවගේ බදු මුදල් භාවිතා නොකල බව ඔවුන් තහවුරු කරනවා. රජ පවුලට නත්තලට කලින් එම නිවසට යන්න නියමිත නිසා මේ දිනවල ඉක්මනින් එහි අළුත්වැඩියා කටයුතු සිද්ධ වෙනවා.
දැනට කුමරු සහ කේට් කුමරිය ජීවත් වන නිවසේදී ඔවුන් කරදර රැසකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම කේට් කුමරිය පිළිකා රෝගයට ගොදුරු වෙලා දුෂ්කර කාලයක් ගත කරන්න උනේ එහිදී. ඇය කිහිප වතාවක් සුව රෝග සුවවීමට ස්භාවධර්මයේ පවතින බලය ගැන කතා කරලා තිබුනු නිසා සමහර විටක නිස්කලන්කව ජීවත් වෙන්න මෙම කැලෑබද නිවහන තෝරා ගත්තා වෙන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රජුගේ නිළ නිවහන වෙන්නේ බකිංහැම් මාලිගය. එහෙත් කුමරු රාජ්‍යත්වයට පත්වීමෙන් පසුවත් දිගටම මෙහි රැදී ඉන්න කල්පනා කරනවා කියලා තමයි කියන්නේ. එහෙම උනොත් මාළිගයකින් පිටත ජීවත් වන පළමු රජතුමා විලියම් කුමරු වේවි. කෙහොම උනත් ඔහුගේ නිළ කාර්ය්‍යාලය හා රාජකාරී කටයුතු තවමත් කෙන්සින්ටන් මාලිගයේ සිට සිදු කෙරෙනවා.

Credit – thilan Jayasekara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!