BREAKING NEWS
Search

සීගිරි පර්වතයේ දොරටුවක් ? කොහොමද මෙහෙම වෙන්නේ ? මෙන්න ඔබට ගැටලුවක් වූ ඒ ප්‍රශ්න වලට උත්තර..

5583

කලින් ලිපියේ අපි සිංහ පාදයේ අසල ඇති කටාරම් සහ අභ්‍යන්තරයේ දොරටුවක් තිබුනා යයි සලකන්න පුළුවන් සාධක ගැන කතා කරා.

 

එතැනදී මතු වුනු ගැටළු කිහිපයක් තමයි, එහෙම දොරටුවක් තිබුනා නම් ඒ දොරටුව පර්වතය උඩින් සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? ඇතුලෙන් දොරටුවක් තිබුන නම් එළියෙන් අපිට පෙන කැපුම් මොනවද?
මේ ලිපියෙන් ඒ ගැටළු කිහිපයට විසඳුම් හොයන්න උත්සහ කරමු.

1.දොරටුවක් තිබුනා නම් පර්වතය උඩින් එය සම්බන්ධ වෙන්නේ කොහෙටද?
පලවෙනි පින්තූරයේ දැක්වෙන්නේ පර්වතය මුදුනට නගිද්දීම හම්බෙන පලවෙනි පොකුණ. පොකුණක් බවට තියෙන පුවරුවෙන් මිසක පොකුණක් බවට කිසිදු ලක්ෂණයක් පෙනෙන්නේ නැති මේ “වල” විශේෂිතයි.
ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් සීගිරි පර්වතය මුදුනේ ඇති පොකුණු සියල්ලම ගලින් කරවූ පොකුණු. පිහිටි ගල හාරා කරවූ පොකුණු මිසක ගඩොලින් කරවන ලද පොකුණු පර්වතය මුදුනේ දකින්න නෑ.
නමුත් මේ පොකුණ ගඩොලින් කරවපු වලක්. අද මෙය පස් වලින් සහ කුණු වලින් පිරිලා තියෙනවා.
මෙහි පිහිටීම දෙස බැලුවොත් එය පිහිටා තිබෙන්නේ සිංහ පාදයට ලම්භකව.
අපේ තර්කය වෙන සිංහ පාදය මැදින් පර්වතය තුලට දිරටුවක් තිබුනා නම් එය ඉහලට මතු වෙන දොරටුව මෙය විය නොහැකිද? සාමාන්‍ය පඩිපෙලක් (වර්තමානයේද) ගැන මතක් කරොත් එය පැහැදිලි වනු ඇත.
දෙවැනි පින්තූරයේ තියෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ තියෙන ලෝහාගාඩ් කියන බලකොටුව. ඔබට පෙනෙනවා ඇති මෙහි පඩිපෙළ පිහිටලා තියෙන අකාරය. නමුත් මෙහි පඩිපෙළ පිටතින් පිහිටා තිබේ.
සීගිරියේ පඩිපෙළ පිටතින් පිහිටා තිබුනා යයි කිව නොහැක්කේ ඇයි?

2.පර්වතයේ පිටතින් කරන ලද කැපුම් ද ඇත්නම් පිටතින් පඩිපෙළ නොතිබුනා යයි පැවසීමට ශක්තිමත් සාධක තිබිය යුතුය. එවැනි සාධක කිහිපයක් පින්තූරවල දක්වා තිබේ. (පදිපෙලේදී පුළුල් කෝණීය පින්තූර ගැනීමට නොහැකි නිසා පින්තූර කිහිපයක් ගෙන ඒවා එකතු කර සාදන ලද පින්තූර බව සලකන්න)
මෙහි ඇති මෙම පඩිපෙලක් වැනි කැපුම් මොනවද යන්න සීගිරිය තුලින්ම සාධක හමු වේ. එය හතරවන පින්තූරයේ දැක්වෙන පරිදි පර්වතය මත බැමි ඉදි කිරීමට භාවිතා කරනා ලද තාක්ෂණයයි. පර්වතය කපා සමතලා කර එය මත ගඩොලින් බැම්ම ඉදි කර තිබේ. මෙය කැටපත් පවුරේද දැකගත හැකිය. (5 පින්තූරය)
එසේ නම් මෙම කැපුම් පර්වතය වටා තිබු බැම්මේ ගඩොල් විනාශ වී (හෝ විනාශ කර) ඉතුරු වූ සාධක වේ. පර්වතය වටාම ගඩොලින් බැම්මක් ඇති බවට ඔබ එහි හොඳින් නිරීක්ෂණය කළහොත් පෙනී යනු ඇත. මෙවැනි කැපුම් පර්වතය වටාම ඇති බව පර්වතය මුදුනේ සිට පහල බලන විට පෙනේ. (6 පින්තූරය)

3. දැති රෝද වලින් ක්‍රියාත්මක වූ යන්ත්‍රය සඳහා සිදු කරන ලදැයි විශ්වාස කෙරෙන කැපුම්.
සිංහ පාදය අසල ඇති මෙම කැපුම් බොහෝ දෙනා විශ්වාස කරන්නේ කර්කටක යන්ත්‍රය නම් වූ දැති රෝද වලින් ක්‍රියාත්මක වන යන්ත්‍රය සඳහා තිබු කැපුම් ලෙසයි. නමුත් මෙම මතය භාර නොගෙනම බැහැර කිරීමට සාධක තිබේ.
පළමු කරුණ නම් සාමාන්‍ය දැනීමෙන් ඕනෙම අයෙකුට අවබෝධ වන කරුණක් නම් දැති රෝද ක්‍රියාත්මක වීමට නම් ගැඹුරු කැපුම් දාර තිබිය යුතු බව. එසේ නොමැති නම් ලීසා යන බව. මෙම නොගැඹුරු කැපුම් දර දැති රෝද සඳහා කිසිසේත් භාවිතා කර නොහැකි බවට සාමාන්‍ය දැනීමෙන් අවබෝධ වන එකම කරුණ එය නොවේ. දතිරෝදයක ඇත්තේ සමාන දැති බැවින් මෙම කැපුම් දාර එකම දුරකින් පිහිටි එකම ප්‍රමාණයේ එකම රේඛාවක තිබිය යුතු දාර විය යුතුය. නමුත් තැනින් තැන විවිධ දුර ප්‍රමාණයන්ගෙන් සහ සරල රේඛීය නොවන අයුරින් පිහිටි මෙම දාර දතිරෝදයක් ගමන් කිරීමට කිසි සෙත් භාවිතා කල නොහැකි බව ඉතාමත් පැහැදිලි කරුණකි.
නමුත් අප මොහොතකට හිතමු මේ කර්කටක යන්ත්‍රය වෙනුවෙන් තියෙන කැපුම් දාර කියල. එසේ නම් 7 පින්තූරයේ දැක්වෙන පරිදි එය වසා දමමින් ගඩොල් ඉදි කිරීමක් කරේ කවුරු විසින්ද? ඔබට පැහැදිලිව පෙනෙනවා කැපුම් දාර ඉහල සිට පහල වන තෙක්ම ඇති බවත් ඒ අතරින් ගඩොල් බැම්මක් බැඳ ඇති බවත්.
එසේ නම් ඇත්ත ඉතිහාසය කවුරුන්ගේ හෝ වුවමනාවකට වසා දමා තිබෙනවා.
නමුත් මෙම කැපුම් දාර වල සත්‍ය කුමක්ද?

මෙය සීගිරිය පුරාවටම දැකිය හැකි සාධකයකි. එනම් පර්වතයේ සිට පිටතට විහිදෙන බැම්මක් බන්දීමේදී පර්වතය සහ ගඩොල් බිත්තිය අතර සම්බන්ධතාවය ඇති කිරීමට (ඝර්ෂණය) මෙසේ ගඩොල් බිත්තියට එබ්බෙන පරිදි කැපුම් දාර ඇති කර තිබේ. මෙය සීගිරිය පුරාවටම දැකිය හැකිය. ගල් කුළු යා කරමින් ගඩොල් බිත්ති ඉදි කිරීමේදී මෙම තාක්ෂනය යොදා ගෙන ඇත.

එසේ නම් සිංහ පාදය අසල ඇති මෙම කැපුම් දාර අතීතයේ පවතී ගඩොල් බ්ම්මක (ඉහල සිට පහල දක්වාම) ගඩොල් විනාශ වී (හෝ විනාශ කර) ඉතුරු වූ සාධක වේ.

කුමන ආකාරයට වුවත් (කර්කටක යන්ත්‍රය හ ගඩොල් බැම්ම) සත්‍ය වසමින් සිංහ පාදය අසල වෙනත් ගඩොලින් නිර්මාණයක් සිදු කර ඇති බව පැහැදිලි වේ. මෙම ගඩොල් නිර්මාණය වෙන කිසිවක් නොව සිංහ පාදයම වේ.

copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!