BREAKING NEWS
Search

තරඟයක් අතරතුර පිටිය මැද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවසන් ගමන් යයි..! (VIDEO)

358

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුර හෘදයාබාධක් හේතුවෙන් පිටිය මැදදී ජීවතයෙන් සමුගත් පුවතක් ඉන්දීය මාද්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබෙන්නේ 35 හැවිරිදි ඉම්රාන් පටෙල් නැමැති ක්‍රීඩකයෙකුයි. ඊයේ (28) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගාවර් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයකදී පන්දුවට පහරදෙමින් සිටියදී ඔහු හදිස්සියේ අසනීප වී ඇති අතර ඔහුට ඇතිවූ පපුවේ සහ අත්වල වේදනාව පිළිබඳව ඔහු විනිසුරුවන්ට දැනුම් දී තිබෙනවා.

එම අවස්තාවේදී ඔහුට පිටියෙන් ඉවත්වීමට විනිසුරුවන් අවස්තාව ලබාදී ඇති අතර ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන්කරමින් සිටියදී ඔහු පිටියේ ඇදවැටී තිබෙනවා. කඩිනමින් ඔහුව රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර රෝහලට රැගෙනයන විටත් ඔහු අවාසනාවන්ත ලෙස මියගොත් ඇති බව ඉන්දීය මාද්‍ය වාර්තා කර තිබුණා.

ඔහු මුහුණපෑ අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝ දර්ශණ මෙන්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!