BREAKING NEWS
Search

දකුණේ අපරාධ රැසක් කෙරූ ”මිදිගම චූටි” ඕමානයේ තරු හෝටලයකදී අත්අඩංගුවට ගනී..!

3890

ඔමාන් රාජ්‍යයේදී, එරට ආරක්ෂක අංශ විසින් දින දෙකකට පෙර ප්‍රභාත් මධුශංක නොහොත් “මිදිගම චූටි” නම් අපරාධකරුවා අත්අඩංගුවට ගෙන ඇත.

මොහු, දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රබල පාතාල කණ්ඩායමක නායකයකු වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක සාමාජිකයකු බවට චෝදනා එල්ල වී තිබේ.

ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීම මත, ජාත්‍යන්තර පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන පවා නිකුත් කර තිබුණි.

පොලිස් ආරංචි මාර්ග අනුව, දැනට රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රකට පාතාල නායක “හරක් කටා” සමඟ මොහු සමීප සබඳතා පවත්වා ඇති අතර, ඔහුගේ ප්‍රධාන ගෝලයකු ලෙස ද ක්‍රියා කර ඇත.

පලමුව ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි “මිදිගම චූටි”, පසුව ඔමානයට ගොස් එහි සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටියදී ආරක්ෂක අංශවලට හසු වී තිබේ.

ඔහු විදෙස්ගතව සිටියදී පවා, දකුණු පළාතේ සිටින තම සගයන් යොදා ගනිමින් මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක කර ඇත.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!