BREAKING NEWS
Search

වැල්ලවායේ දී දරුණු අනතුරක්

8334

 

 

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරින් ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!