BREAKING NEWS
Search

සිරිලිය තදවෙයි.. ලලිත් වීරතුංග CID කැදවයි..

2017

| lanka C news

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇත.

ඒ් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා තීරුබදු රහිතව ආනයනය කරන ලද බස් රථයක් කාල්ටන් පෙර පාසලට ලබා දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇත.

එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණය ‘සිරිලිය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් CID විසින් සිදුකරන විමර්ශනයක කොටසකි. CID විසින් ‘සිරිලිය’ ගිණුමට අදාළ විවිධ අක්‍රමිකතා හතක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස අධිකරණය CID වෙත නියෝග කර තිබුණි.

පසුව නීතිපති දෙපාර්තමේන්තුව CID වෙත දැනුම් දුන්නේ, සිද්ධීන් හතෙන් හයකටම අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. පසුව එම නඩු ගොනුව අත්හැර දමන ලදි.

කෙසේ වෙතත්, බස් රථය සම්බන්ධයෙන් අලුත් සාක්ෂි මතුවීමත් සමඟ, CID විසින් අධිකරණයට නව කරුණු ඉදිරිපත් කර විමර්ශනය නැවත ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!