BREAKING NEWS
Search

යාපනයේ මන්ත්‍රී අර්ච්චුනා ගිනිඅවියක් අතැතිව කාන්තාවක් සමග පැටලෙයි.!

90

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනි අවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකර තිබේ.

අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.

ඊයේ (25) දිනයේදී මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාද කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයාද අදාළ කාන්තාව සමග වාද කර ඇති අතර එහිදී මන්ත්‍රීවරයා අතැතිව ගිනි අවිය තිබෙන ආකාරයට දක්නට ලැබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!