BREAKING NEWS
Search

පදවිය හැඩකල ඒ දැකුම්කළු යුව රජුවත් මරා දමලා !

1804

 

පදවි රක්ශිතය වර්ණවත් කළ ඉතාම දැකුම්කළු ඇතෙකුගේ මළ සිරුරක් ඊයේ (22) සොයා ගෙන තිබේ.ඉතාම අඩු වයසක් පෙන්නුම් කරන මෙම ඇතාගේ මරණය වෙඩි තැබිමකින් සිදු වන්නට ඇතැයි දැනට සැක කරයි.

මෙලෙස මරා දමා ඇති ඇතා “වෙස්සගිරි(T262)” යන නමින් හඳුන්වන ලද ඇතා බවට බැලු බැල්මට පෙනෙන්නට තිබේ.එය වෙනස් වීමට ද ඉඩකඩ ඇත.මෙලෙස මරා දමන ලද ඇතාගේ වයස ආසන්න වශයෙන් අවුරුදු 16-20ක් අතර පමණ බව ද සිතිය හැකි ය.

මේ දිනවල පවතින ඉඩෝරය හේතුවෙන් මහකම්බිලි වැවට දිය බීම සඳහා මෙම ඇතා නිතර පැමිණෙන මාර්ගයේම රැක සිටි දඩයක්කරුවන් වෙඩි තැබිම සිදු කර තිබේ.

ඇතාගේ වයසට සාපේක්ෂව ඉතාම දිගු දළ යුගලයක් හිමිව තිබු අතර ඇතා වැඩිහිටි ඇතෙකු වුවා නම් ලංකාවේ දිගුම දළ හිමි ඇතෙකු වීමේ ඉඩකඩක් ද තිබු බව කිව යුතුම දේයකි.

(මෙම ඡායාරුපවල අයිතිය මුල් හිමිකරුවන් සතු ය)

නයනක රන්වැල්ල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!