BREAKING NEWS
Search

අවන්හලේ අමතක වී ගිය විදේශිකයෙකුගේ ලක්ෂ 18න් සහිත පසුම්බියක් යලි භාර දෙයි

1084

 

කොළඹ සිට සීගි­රිය නැර­ඹීම සඳහා පැමිණ දඹුල්ල, පැල්වෙ­හෙර ප්‍රදේ­ශයේ පිහිටි අව­හ­න්හ­ල­කින් ආහාර ගැනී­මට පැමිණි විදේ­ශීය සංචා­ර­ක­ය­කුගේ අම­තක වී ගිය රුපි­යල් ලක්ෂ 18කට අධික දේශීය මුදල් හා විදේ­ශීය මුදල් විශාල ප්‍රමා­ණ­යක් ඇතුළු අනෙ­කුත් උප­ක­රණ අන්ත­ර්ගත විදේ­ශීය සංචා­ර­ක­යාගේ අත් බෑගය එම විදේ­ශීය සංචා­ර­ක­යාට භාර­දීම දඹුල්ල, පැල්වෙ­හෙර ප්‍රදේ­ශයේ අව­න්හල් හිමි­යකු විසින් පෙරේදා (22) සිදු­කෙ­රිණි.

නමින් ටෙනී මාර්ටින් ස්ටයිම් නම් මෙම ඔස්ට්‍රේ­ලි­යානු ජාති­කයා සිය පවුලේ තවත් සාමා­ජි­ක­යින් තිදෙ­නකු සම­ගින් වෑන් රථ­ය­කින් දින 12ක සිය සංචා­රය තුළ 22 දින දහ­වල් සීගි­රිය නරඹා සිය දහ­වල් ආහාර ගැනීම සඳහා පෙරේදා හවස 2.00ට පමණ දඹුල්ල, පැල්වෙ­හෙර ප්‍රදේ­ශයේ පිහිටි ආරිය රෙස්ට් අව­හ­න්හල වෙත පැමිණ ඇත.

එලෙස දහ­වල් ආහා­රය ලබා ගැනී­මෙන් පසු එම අව­න්හ­ලෙන් නැවත ඔවුන් 22 රාත්‍රියේ නවා­තැන් ගැනී­මට නිය­මිත සීගි­රිය ප්‍රදේ­ශයේ හෝට­ලය වෙත පිටත්ව ගොස් තිබේ.

එසේ සිය නවා­තැන් පළට පැමිණි අව­ස්ථාවේ තම මුදල් ඇතුළු වටිනා අත් බෑගය තමන් ළඟ නොමැති බව දැන­ගත් ටෙනී මාටින් ස්ටයිම් මහතා ඒ පිළි­බ­ඳව කල­බල වී ඔවුන්ට මඟ­පෙ­න්වීම සඳහා පැමිණි සංචා­රක මාර්ගෝ­ප­දේ­ශ­ක­ව­ර­යාට ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියා­ත්මක වූ එම සංචා­රක මාර්ගෝ­ප­දේ­ශ­ක­ව­රයා එම විදේ­ශීය සංචා­ර­ක­යින් පිරිස ආහාර ගනු ලැබූ අව­න්හලේ හිමි­ක­රුව දුර­ක­ත­න­යෙන් අමතා එම විදේ­ශි­කයා සතුව තිබූ අත් බෑගය නැති­වීම හා එය අව­න්හලේ තිබේද යන්න පිළි­බ­ඳව විම­සී­මෙන් අන­තු­රුව එම අව­න්හලේ හිමි­කරු වන කේ.පී. ආරි­ය­දාස මහතා එය සුර­ක්ෂි­තව තම අව­න්හල තුළ තබා ඇති බවත් එය ලබා ගැනීම සඳහා එහි හිමි­ක­රුව කැඳ­වා­ගෙන එන ලෙසට ඔහුට දැනුම් දී ඇත.

ඒ අනුව පැය 04 කට පමණ පසු තමන් ආහාර ගත් අව­න්හලේ අම­තක වී ගිය මුදල් හා අනෙ­කුත් උප­ක­රණ ඇතු­ළත් අත් බෑගය සුර­ක්ෂි­තව තිබෙනු දැක ඔහු මහත් සතු­ටට පත්විය.

සියලු දෙනා ඉදි­රියේ එම විදේ­ශි­ක­යාට අයත් අත් බෑගය ඔහුගේ අතින් විවෘත කිරී­මට එම අව­න්හල් හිමියා විසින් ඉඩ සැලැස්වූ අතර එහිදී තම මුදල් සුර­ක්ෂි­තව ඒ ආකා­ර­යෙන් පව­තින බවත් එම මුදල් ගණ­නය කිරී­මට අවශ්‍ය නොවන බවත් අව­න්හල් හිමියා පිළි­බ­ඳව තමන්ට දැඩි විශ්වා­ස­යක් ඇති බවත් ප්‍රකාශ කර සිටි­යේය.

කෙසේ නමුත් ඊට අකැ­මැති වූ එම අව­න්හල් හිමියා එම විදේ­ශීය සංචා­ර­කයා ඉදි­රි­පිට ඔහු සතු දේශීය හා විදේ­ශීය මුදල් එකින් එක එම විදේ­ශීය සංචා­ර­කයා ඉදි­රියේ ගණන් කර කොළ­යක ලියා නිවැ­රදි බවට සනාථ කිරී­මෙන් පසු එම දේශීය විදේ­ශීය මුදල්, වටිනා ජංගම දුර­ක­ත­න­යක් ඇතුළු ඔහුට අයත් අනෙ­කුත් උප­ක­රණ මෙහිදී භාර­දී­මට කට­යුතු කරනු ලැබුණි.

මෙහිදී එම අත් බෑගය තුළ තිබුණු රුපි­යල් දාසය ලක්ෂ විසි­ද­හ­සක් වටිනා දේශීය මුදල් හා රුපි­යල් දෙල­ක්ෂ­ය­කට වැඩි වටි­නා­ක­ම­කින් යුත් ඔස්ට්‍රේ­ලි­යානු ඩොලර් 515ක් ද නැවත ඒ අයු­රින්ම භාර­දීම විශේ­ෂි­තය.

වසර 50ක් ඔස්ට්‍රේ­ලි­යාවේ ස්ථීරව පදිංචි වී සිටින මෙම ටෙනී මාර්ටින් ස්ටයිම් මහතා මෙරට උපත ලද පුද්ග­ල­යකු වීම විශේ­ෂි­තය. ඔහු සිය මවු­රට දැක බලා ගැනී­මට පැමිණි අව­ස්ථාවේ මෙම අන­පේ­ක්ෂිත සිදු­වී­මට මුහුණ පා ඇත.

මෙම අව­න්හලේ සේව­ක­යන්ගේ අවං­ක­භා­ව­යට කෘත ගුණ දැක්වී­මක් ලෙසට එම සේව­ක­යන් වෙත ඔහු සතු මුද­ලින් රුපි­යල් 50,000ක මුද­ලක් බෙදා­දී­මට කළ­ගුණ දත් මෙම විදේ­ශීය සංචා­ර­කයා කට­යුතු කිරී­මද මෙහි දී විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුව ඇත.

සිරි­පුර – මදු­ශානි අබේ­සිංහ

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *