BREAKING NEWS
Search

මහින්ද කොළඹ නිවසින් යාම මාධ්‍ය සංදර්ශනයක් – නිල වශයෙන් තාම භාරදී නෑ

597

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවස මෙතෙක් නිල වශයෙන් රජයට භාර දී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා එම නිවසින් ඉවත්ව ගොස් සති තුනක පමණ කාලයක් ගතවී ඇතත්, එය මෙතෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදීමක් සිදුකර නොමැති බව අමාත්‍යවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ අමාත්‍යාංශය විසින් නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත සම්මත වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාසයේදී විජේරාම මාවතේ නිවසින් ඉවත්ව ගියේය.

තංගල්ලේ වෙසෙන හිටපු ජනාධිපතිවරයා හමුවීමට මේ දිනවල බොහෝ දෙනා යන බවත්, ඒ මහතා විජේරාම නිවසේ සිටින කාලයේදීද එලෙස ගොස් බැලුවේ නම් මැනවි යැයි අමාත්‍යවරයා මෙහිදී උපහාසාත්මකව සඳහන් කළේය. කෙසේ නමුත්, මහින්ද රාජපක්ෂ මහතා තව නොබෝ දිනකින් කොළඹ ප්‍රදේශයේ පදිංචිය සඳහා නැවත පැමිණෙනු ඇති බවට තමා අපේක්ෂා කරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *