BREAKING NEWS
Search

මහින්දට පාඩුවෙ ඉන්න දෙන්න – දිලිත්

908

 

සර්ව ජනබලය පක්සයේ නායක දිලිත් ජයවීර මහතා මාධ්‍ය ඉදිරියේ මෙසේ අදහස් පළ කර තිබේ.

” අපේ පූර්වගාමී ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මේ රටට සාමය ගෙන ඒම සඳහා යුද්ධයට දේශපාලන නායකත්වයක් දුන්න පුද්ගලයෙක්.

 

ඒ දේශපාලන ව්‍යාපාරය තුළ සහ ඔහුගේ පාලන කාලය තුළ යම් යම් අඩුපාඩු සිදුවෙන්න ඇති. නමුත් ඒ මුවාවෙන්, ඔහු විසින් කරන ලද ඒ ජාතික මෙහෙවර සුළු කොට සැලකීමට හෝ එයට ප්‍රහාර එල්ල කිරීමට අන්තගාමී ඩයස්පෝරාව දරන උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට, විටින් විට ඔහුට කරන අඩන්තේට්ටම් ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. අපි ඒක එකහෙළා ප්‍රතික්ෂේප කරනවා.

 

අපි ඒක හොඳට නිරීක්ෂණය කරලා, ඒ පිළිබඳ විශාල අවබෝධයක් ඇතුව කටයුතු කරපු දේශපාලන බලවේගයක් තමයි සර්වජන බලය. අපි කියන්නේ, මේ රටේ සිදු වුණු පාස්කු ප්‍රහාරය වැනි දෙයක් නැවත සිදු නොවීමට කටයුතු කිරීම තමයි අපේ ප්‍රමුඛතාව විය යුත්තේ. අපි ඒ සඳහා ආගමික සහජීවනය ඇති කිරීමටත්, අපේ මහපොළොවේ සිදුවිය යුතු යම් යම් සාමාජීය හා දේශපාලනික වෙනස්කම් සඳහාත් පෙනී සිටිනවා. නමුත් ඒ සිදුවීම උපයෝගී කරගෙන පටු දේශපාලනයක නිරත වීම කිසිසේත්ම කිසිම ආගමකට කරන සේවයක් නෙවෙයි.

දැන් ඇත්තටම වෙලා තියෙන්නේ, මේ රජය එන්නට කලින් කිව්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ මහා මොළකරුවෙක් ඉන්නවා, ඒ මහා මොළකරු අල්ලනවා, අල්ලලා දෙනවා කියලා දින වකවානු දුන්නා. මේ රටේ මුස්ලිම් ජන සමාජයත්, මේ රටේ සැලකිය යුතු කතෝලික සමාජයත් මේ යථාර්ථය දන්නවා. ඉතින්, ඒක පාවිච්චි කරමින් කරන මේ පටු දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

 

මම හිතන්නේ ඔවුන් මේ පිළිබඳ පාපොච්චාරණයක් කළ යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට සිදු වූ මානසික අපහසුතාවයට, ඔවුන්ට සිදු වූ අගතියට සහ ඔවුන්ට දිගින් දිගටම දුන් දේශපාලන බලාපොරොත්තු ඉටු කරගන්නට නොහැකි වූ බව දැන් ඔවුන්ට තේරුම් ගිහින් තියෙනවා. ඒ නිසා ඔවුන් පාපොච්චාරණයක් තමයි කරන්න ඕනේ.”

Source – 𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!