BREAKING NEWS
Search

කුඩු වලට අපේ එක්කෙනයි අහුවුනේ මාලිමාවේ 7 ක් අහුවුණා – ඩීවී චානක

86

 

(20) රාත්‍රියේ විකාශය වූ හිරු ටීවී ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ මත්ද්‍රව්‍ය ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීය. එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විරෝධතා රැලි පැවැත්වීමට වඩාත් සුදුසුම පිරිස ජාතික ජන බලවේගය හෙවත් ‘මාලිමාව’ බවයි.

පොදුජන පෙරමුණේ මත්ද්‍රව්‍ය චෝදනා ලත් අයෙකු සිටින බවට විරුද්ධ පාර්ශව නිතර චෝදනා කළද, සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් හත් දෙනෙකු මාලිමාව නියෝජනය කරන බවත්,

 

සමගි ජන බලවේගයේද අයෙකුට මීට පෙර මෙවැනි චෝදනාවක් එල්ල වී ඔහුගේ ජීවිතය පවා අහිමි වූ අවස්ථාවක් තිබූ බවත් හෙතෙම සිහිපත් කළේය.

එම චෝදනා එල්ල වී ඇති හත් දෙනා අතර එක් අයෙකු පාසල් විදුහල්පතිවරයෙකු බවත්, ඔහු තමා දන්නා පාසලට පවා මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය. ඊට අමතරව ගලගම විශ්වවිද්‍යාලයට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුට මෙන්ම, දෙහිවල ආසන සංවිධායකවරයාටද මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී හසුවූ බවට චෝදනා පවතින බව ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම දෙහිවල සිද්ධියට අදාළ පුද්ගලයාගේ මව සහ පියා යන දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරන අය බවත්, මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ පුතෙකුද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති පසුබිමක සදාචාරාත්මකව පියා සිරගත විය යුතු තත්ත්වයක් උදා වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 

 

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මීරිගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු මුදා හරින ලෙස බලපෑම් කළ සිද්ධියක්ද ඔහු මෙහිදී හෙළිදරව් කළේය. එම මන්ත්‍රීවරයාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට, තමන් පොලිසියට හෝ පොලිස්පතිවරයාට කතා කිරීමේ වරදක් නොදකින බව පවසා තිබුණද, දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් පත් කර ඇත්තේ පොලිසියට බලපෑම් කිරීමට නොවන බව චානක මහතා අවධාරණය කළේය. පොදුජන පෙරමුණට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත්, ඔවුන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු දිනෙන් දින කඩ කිරීම බවත් ඔහු සඳහන් කළේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *