BREAKING NEWS
Search

රටක් ආදරය කළ ප්‍රවීණ රංගධරයෙක් ජීවන ගමනට සමුදෙයි..

1155

ප්‍රවීණ රංගන ශිල්පී – අධ්‍යක්ෂක නිහාල් ප්‍රනාන්දු මහතා දිවි ගමනින් සමුගෙන තිබෙනවා.

දශක ගණනාවක් පුරාවට ‍මෙරට ටෙලි නිර්මාණ සහ සිනමාපට රැසකට රංගනයෙන් එක් වූ නිහාල් ප්‍රනාන්දු මහතා, මෙරට සිටි දක්ෂතම චරිතාංග රංගන ශිල්පියෙක්.

ඊට අමතරව සුබ සහ යස, ඒකාධිපති, ස්ත්‍රී වැනි වේදිකා නාට්‍ය රැසක් තුළිනුත් ඔහු සිය රංගන හැකියාව පෙන්වා දී තිබෙනවා.

නිහාල් ප්‍රනාන්දු මහතා රංගනයෙන් එක් වූ ටෙලි නාට්‍ය අතර කඩවර – තෙත් සහ වියලි – රැල්ල වෙරලට ආදරෙයි – බොරදිය කඳුර ආදී නිර්මාණ ගණනාවක් තිබෙනවා.

රංගනයට අමතරව නේරංජනා – උඩු ගං බලා – අඹරාවක් – කුලැත්තියෝ වැනි ටෙලි නිර්මාණ රැසක්ම ඔහු විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළා. ආමන්තය චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුයි.

දිවි කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වන විට 67වන වියෙහි පසු වුනා.

නිහාල් ප්‍රනාන්දු කලාකරුවානෙනි,
ඔබට සුබ ගමන්!!!!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!