BREAKING NEWS
Search

ලක්ෂ 50ක්ම දෙන්නේ මුළුමනින් විනාශ වූ නිවාසවලට විතරයි – මෙන්න ජනාධිපති කරපු පැහැදිලි කිරීම.!

901

රුපියල් ලක්ෂ 50ක් රජයෙන් ලබා දෙන්නේ ආපදාවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස හිමියන්ට (භාණ්ඩ ඇතුළු තක්සේරුව) පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අයුරින් පූර්ණ වශයෙන් නිවාස හානි වූ පිරිස 418ක් බව ත් ඔවුන්ට එම ලක්ෂ පනහක මුදල ලබාදීමට සූදානම් බව ත් ජනාධිපතිවරයා කීය.

ඒ අනුව, පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් හානි වූ නිවෙස් ලෙස කාණ්ඩ දෙකක් වෙන් වෙන්ව පවතින අතර විශේෂයෙන් ම නිවාස අහිමි වී නැති නමුත් එම ප්‍රදේශවලට යා නොහැකි පුද්ගලයන් ප්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ දත්ත පද්ධතිය සකස් කර එයට ලබාදිය හැකි සහන ලබාදීම් තක්සේරු කරමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිවරයා පැවසුවේ, අවතැන් කඳවුරුවල සිටීමට නොහැකි නම් ඔවුන්ට මාසිකව රුපියල් 25,000ක නිවාස කුලියක් ලබා දීමට ද රජය සූදානම් අතර ජනවාරි හා පෙබරවාරි මාස දෙකට රුපියල් පනස් දහසක් ලබාදීමට ඒ අනුව කටයුතු කරන බවය.

තව ද, ඉඩමක් නොමැති පුද්ගලයන්ට ලක්ෂ පනහ දක්වා උපරිමයකට යටත්ව මුදලක් ලබා දීමට සූදානම් බව ද ඔහු පැවසීය.

නිවාසවලට යා හැකි නමුත් අර්ධ වශයෙන් හානි වූ ඒවා තක්සේරු කොට උපරිම ලක්ෂ විසි පහකට අදාළව වන්දි ලබාදීම සිදු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

අනුරාධා හේරත්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *