සාමාන්‍යයෙන් ගංවතුරක් එනකොට අපි කරන්නේ ගඟ අයිනේ තාප්ප බැඳලා, වේලි බැඳලා වතුර එන එක නවත්තන එකනේ. ඒත් නෙදර්ලන්තය තේරුම් ගත්තා දේශගුණික විපර්යාස එක්ක මේ වැඩේ හැමදාම කරන්න බෑ කියලා.
ඒ නිසා ඔවුන් පටන් ගත්තා “Room for the River” (ගඟට ඉඩක්) කියන අපූරු ව්‍යාපෘතිය.

මොකක්ද මේකෙන් කළේ? ගඟ අයිනේ තිබුණ වේලි (Dykes) තව ඈතට ගෙනිච්චා. ගඟ පතුල ගැඹුරු කළා. ඒ කියන්නේ ගඟට ගලන්න වැඩිපුර ඉඩක් (Room) හැදුවා. එතකොට ගංවතුරක් ආවම වතුර පාර ගම්මාන වලට එන්නේ නැතුව ඒ හදපු ඉඩේ ලස්සනට ගලාගෙන යනවා.
මේ වෙනුවෙන් ඔවුන් යුරෝ බිලියන 2.2ක් (රුපියල් කෝටි ගණනක්) වියදම් කරලා තියෙනවා.

1995 දී ගංවතුරක් ඇවිත් මිනිස්සු ලක්ෂ 2ක් විතර ඉවත් කරන්න වුණාට පස්සේ තමයි මේකේ වටිනාකම ඔවුන්ට තදින්ම දැනුනේ. සොබාදහමට එරෙහි නොවී, සොබාදහම එක්ක එකතු වෙලා වැඩ කරන එක කොච්චර වටිනවද?
Credit by – Vidarshana gunathulake








