BREAKING NEWS
Search

සිරි ලක් මවට රන් පදක්කමක්. ලංකාවට ආඩම්බරයක් ගෙන දෙන පුවතක් මේක.

7

මේ කියන්න යන්නේ ලංකාවට ආඩම්බරයක් ගෙන දෙන පුවතක් ගැන තොරතුරු. ඩුබායිහි පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිල්මි උදුම්බරා කුමාරගේ සමත් වෙලා තියෙනවා.

ඒ, වයස අවුරුදු 17න් පහළ කාන්තා යගුලිය විසිකිරීමේ එෆ් – 40 – 41 කාණ්ඩයෙන්. ඇය එහිදී දැක්වූ දක්ෂතාව මීටර 3.69ක්. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නව දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටි අතර, එහිදී පදක්කම් සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 25 වන ස්ථානයයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *