ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පාසලක් අසල “කූගර්” (Mountain Lion) වර්ගයේ දරුණු සිංහයෙකු සැරිසරන බවට ලැබුණු තොරතුරක් නිසා මුළු පාසලම වසා දමා (lockdown) ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන් කටයුතු කළා.
එම ප්‍රදේශයේ මෙවැනි සතුන් නිරන්තරයෙන් ගැවසෙන නිසා ගුරුවරුන් වහාම දරුවන්ව ගොඩනැගිලි ඇතුළට ගෙන දොරවල් වසා දැමුවා.
නමුත් පසුව පොලිසිය පැමිණ ඒ ගැන සෝදිසි කර බලද්දී දැකගන්න ලැබුණේ පුදුම හිතෙන දෙයක්.
ඒ දරුණු සිංහයෙක් නෙවෙයි, තණකොළ අතර සැඟවී මීයෙක් කමින් සිටි “ජෝර්ජ්” නමැති මහත, තැඹිලි පාට සුරතල් බළලෙක්!
මුලදී හැමෝම බිය වුණත්, ඇත්ත දැනගත්තාට පස්සේ මේ සිදුවීම හැමෝටම ලොකු හිනාවකට කරුණක් වුණා කියලා විදෙස් පුවත් වාර්තා කරනවා.







