BREAKING NEWS
Search

පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්

163

පෘතුගාලයේ ජල ගැල්මට හසු වූ මෝටර් රථයක් තුළ සිරවී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.

ස්පාඥ්ඥයේ පිටාර ගැලූ ගංගාවක ගසා යමින් සිටි සිය සුරතල් සුනඛයා බේරා ගැනීමට තැත් කළ දැරියක ද මරුමුවට පත්වූවාය.

අයිබියරියන් අර්ධද්වීපය ලියනාර්ඩෝ සුළි කුණාටුවට හසුව පවතී. කලාපයෙන් ධාරාණිපාත සැඩ සුළං වාර්තා වේ.

පෘතුගාලය සහ ස්පාඥ්ඥය මෙම වසරේ ශීත සෘතු සුළි කුණාටු හයකට පමණ බඳුන් විය. ලියනාර්ඩෝ සුළි කුණාටුව එහි නවතම ස්වභාවික ආපදා තත්ත්වය ය. නිවාස රැසක වහලය මුළුමනින්ම විනාශ වූ අතර නගර රැසක් ජල ගැල්මට හසුව පවතී. අයහපත් කාලගුණ විපතින් පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වේ.

ඉකුත් සතියේ පෘතුගාලයට පතිත වූ ක්‍රිස්ටීන් සුළි කුණාටුවෙන් සිදු වූ හානි පුර්ණයට යුරෝ බිලියන 4ක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ.

කලාපයට බලපා ඇති අධිකතර අයහපත් කාලගුණයෙන් ගංගා 14ක් සහ වේලි 10ක් මේ වන විටත්, අතිශය අවදානම් පිටාර මට්ටමේ පවතී.

“කුණාටු දුම්රියෙන්” කලාපය වෙත එන මීළඟ සුළි කුණාටුව “මාර්තා” ය. ඇය මෙම සති අන්තයේ එහි “කඩා පාත්වීමට” නියමිතය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

One man dead, a woman missing, as Storm Leonardo hits Spain and Portugal

Theleader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!