BREAKING NEWS
Search

රනිල් චීන-ඉන්දියා පරණ ආදර අන්දරයක් සොයා ගනියි

663

 

ඉන්දියාවෙන් වැඩම කරවන ලද දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන-ඉන්දියා ඓතිහාසික සබඳතා ගැන මතු කළ කාරණයක් නිසා ඉන්දීය නිලධාරිනියද නිරුත්තර විය.

රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ස්ථානයේ සිටි ඉන්දීය නිලධාරීනියගෙන් ඉතිහාස කරුණු විමසා සිටි අතර අදාල පුරාවිද්‍යා භූමියේ ධාතූන් වහන්සේ තිබූ මංජුසාවේ තවත් යම් යම් දෑ හමු වීදැයි විමසීය.

එහිදී ඉන්දීය නිලධාරිනිය පැවසූයේ එහි සිල්ක් තිබූ බවයි. ” ඉතින් ඒ කාලේ ඉඳන් ඔයගොල්ලො චීනය එක්ක ගනුදෙනු කරලා නේ,දැන් අපට කෑ ගහන්නේ” යැයි රනිල් වික්‍රමසිංහ මහතා සිනා මුසුව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා කියූ කාරණයට ඉන්දීය නිලධාරිනිය සිනහවකින් පිළිතුරු දුන්නාය.

Lankadeepa (අංජුල මහික වීරරත්න)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!