BREAKING NEWS
Search

“මගේ මහත්තයා බලන්න යන්න ඒ රුපියල ඕනේ පුතේ!” බස් එකේ රුපියලට රණ්ඩු වුණ අත්තම්මාගේ කතාව අහලා මුළු බස් එකම හඬා වැටෙයි.

900

 

 

තංගල්ල – ත්‍රිකුණාමලය බස් රථයක ගමන් කරපු අයට පසුගියදා දකින්න ලැබුණේ අදහාගත නොහැකි සිදුවීමක්.

සාමාන්‍යයෙන් බස් එකක සිද්ධ වෙන රණ්ඩුවක් වගේ පෙනුණත්, ඒ රණ්ඩුව පිටුපස තිබුණේ කාගේත් දෑස් තෙත් කරන අතිශය සංවේදී කතාවක්.

බස් රථයට ඉතාම අමාරුවෙන් ගොඩ වුණ වයසක අත්තම්මා කෙනෙක් කොන්දොස්තර මහත්තයා එක්ක රුපියලක ඉතුරුවක් ගැන රණ්ඩු වෙන්න පටන් ගත්තා. කොන්දොස්තර මහත්තයා ගොරෝසු හඬින් බැණ වැදුණත්, බස් එකේ හිටපු අය “අනේ මේ වයසක අයට තියෙන තණ්හාවක මහත” කියලා හිතුවත්, මේ අත්තම්මා දිගින් දිගටම ඇගේ “රුපියල” ඉල්ලලා සටන් කළා.

මේ සිද්ධිය දිහා බලාගෙන හිටපු යුද හමුදා සෙබළෙක්, ඇයට ඒ රුපියල දීලා ඇහුවේ “අම්මේ ඇයි මේ රුපියලකට මෙච්චර රණ්ඩු වෙන්නේ?” කියලා. අන්න ඒ වෙලාවේ අත්තම්මා කියපු කතාවට බස් එකේ හිටපු හැමෝගෙම හිත් හිරිවැටිලා ගියා.

“මගේ මහත්තයා අසනීප වෙලා ගරා වැටුණු ගෙදරක තනියම ඉන්නේ පුතේ.. මගේ දුව එයාට සලකන්නේ නෑ. මම උදේට කන්න ලැබුණු බත් එකත් ඔතාගෙන හොරෙන් මේ යන්නේ මගේ මනුස්සයා බලන්න. මගේ ළඟ තියෙන මුළු සල්ලි ටික රුපියල් 38 යි. මේ රුපියල නැති වුණොත් මට ආපහු එන්න බස් එකට සල්ලි මදි වෙනවා…”

ඇය රුපියලට රණ්ඩු වුණේ තණ්හාවට නෙවෙයි, තම ආදරණීය සැමියා බලන්න යන්න තියෙන එකම අවස්ථාව මඟහැරෙයි කියන බයටයි.

මේ කතාව ඇහුවම අර තරුණයා මොහොතක්වත් හිතුවේ නෑ. තමන්ගේ මුදල් පසුම්බිය ඇදලා ගත්ත ඔහු, එහි තිබුණු රුපියල් 5000 නෝට්ටු 9 ක් (රුපියල් 45,000ක්) ඒ අසරණ අම්මාගේ අතේ තිබ්බා. “අම්මේ මේකෙන් තාත්තාට බෙහෙත් කරන්න” කියද්දී ඒ අම්මා දන්නේ නෑ ඒ ඇයගේ අතේ තිබුණේ ඇගේ ජීවිතේම දැකපු ලොකුම මුදල කියලා.

බස් එකේ හිටපු අය මේ සල්ලිකාර තරුණයා කවුද කියලා විපරම් කරද්දී ඔහු දුන්න උත්තරය හැමෝම පුදුම කළා. “මම යුද හමුදාවේ වැඩ කරන්නේ මල්ලි. මට මගේ අම්මාට සලකන්න ලැබුණේ නෑ, ඒ නිසා මම අද මගේ මාසෙම පඩිය මේ අම්මාට දුන්නා. මට අද හරිම සතුටුයි.

සාමාජ මාධ්‍යයෙන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!