ප්‍රවීණ ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉර්ෆාන් පතාන් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කර සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගයේ ද ලකුණු හඹා යාමට අපහසු වූ පසුබිමක, නවසීලන්තයට එරෙහි තරගයේදී යළිත් ලකුණු හඹා යාමට තෝරා ගත්තේ ඇයි ද? යන්න සම්බන්ධව ය.
“පසුගිය තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 146ක් හඹා යාමට අපොහොසත් වීමෙන් පසුවත්, කොළඹ ර්‍ඵ්Sහිදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගෙන පන්දු රැකීමට තෝරා ගන්නේ ඇයි?”
ලකුණු හඹා යාමේදී කණ්ඩායමට විශ්වාසයක් නැති වී ඇති අවස්ථාවක, පිතිකරණය දුර්වල යි කියලා පෙනෙන අවස්ථාවක, තණතීරුව දඟ කැවෙන විට, ආපහු ලකුණු හඹා යන්නේ ඇයි? මීට පෙරත් මෙම ප්‍රශ්නය මතු වුණා,” පතාන් ප්‍රශ්න කර ඇත.
කෙසේ නමුත්, මාධ්‍ය හමුවේදී නායක දසුන් ශානකගෙන් මාධ්‍යවේදියෙකු නවසීලන්තය සමග ක්‍රීඩා කළ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් අදහස විමසූ විට ඔහු පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ, කාසියේ වාසිය හිමිවුණොත් පළමුවෙන් පන්දු රැකීමට ඒකමතික තීරණයකට එළඹ සිටි බව ය.
“මැච් එකට කලින් අපි හිතුවේ පිච් එක ගොඩක් හොඳ වෙයි කියලා. මොක ද අලුත් තණතීරුවක් හින්දා. නමුත් අපි හිතුවේ නැහැ මේ තරම් දඟ කැවීමක් තියෙයි කියලා පිච් එකේ. සිම්බාබ්වේ මැච් එකත් අපි සෙල්ලම් කළේ අලුත් පිච් එකක. රෑ වෙද්දී බෝලේ වැදිලා ආවා බැට් එකට කැපෙන ගතිය අඩුවෙන් තිබ්බේ. අපි කලෙක්ටිව් ඩිසිෂන් එකක් ගත්තේ ටොස් එක දිනලා බෝල් කරනවා කියලා. අවාසනාවකට අපිට අවශ්‍ය දේ සිදුවුණේ නැහැ. සාමාන්‍ය ඛෙත්තරාමේ විකට් එකක් විදිහට කැපෙන්න පටන් ගත්තා,” ඔහු පිළිතුරු දෙමින් පැවසුවේ ය.







