ශ්‍රී ලංකා ක්‍රිකට් මුදාගන්න කළ ආසන්නම උත්සාහය තමයි චිත්‍රසිරි කමිටු වාර්තාව. ඒ, අවුරුදු දෙකකට කලින්..
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හොයන්න හිටපු ජනපති රනිල්ගේ කාලේ කමිටුවක් පත් කළා.
ඒ අතරම රනිල් වික්‍රමසිංහ කැබිනට් අනු කමිටුවකුත් පත් කළා.
චිත්‍රසිරී කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් හදාගන්න යෝජනා ඉදිරිපත් කළා. ඒ යෝජනා සහ කැබිනට් අනු කමිටුවේ නිර්දේශවල ලොකු වෙනසක් තිබුණේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන මතය එතනින් මතුවුණා.
අන්තිමට චිත්‍රසිරි කමිටුව හදපු කෙටුම්පත එවක ජනපතිට සහ කැබිනට් අනු කමිටුවට භාර දුන්නා. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා දේශපාලන වගේම විවිධ අතපෙවීම්වලින් ක්‍රිකට් ආයතනය මුදාගන්න යෝජනා එතන තිබුණා.
අලුත් පාලක මණ්ඩලයට 18 දෙනෙක් පත් වෙනවා. සභාපති ඇතුළු සාමාජිකයින් පත් කරන්න ක්‍රීඩා සංගම් මැදිහත්වීම සම්පූර්ණයෙන්ම වළක්වන්නත් යෝජනා වුණා.
18 දෙනාගෙන් 9ක් පත් කරන්නේ නීතීඥ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ තවත් පුද්ගලයෙක්. මේ 4 දෙනා පත් කරන ක්‍රිකට් නිලධාරී මණ්ඩලයේ 9 දෙනාගෙන් 5 දෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ අය වෙන්න ඕනේ. ඉතුරු 4 දෙනා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්.
අනෙක් 9 දෙනා තෝරා ගැනීමේ බලය ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙත ලබා දීමටත් යෝජනා වුණා. කැබිනට් අනු කමිටුවත් කෙටුම්පත සැලකිල්ලට අරන් 2024 ජනවාරි 01 වැනිදා රනිල් වික්‍රමසිංහ නිර්දේශ 40 ක් භාර දුන්නා.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුදා ගන්නා යෝජනාවට මොකද වුණේ?
මේ කෙටුම්පත 2024 ජූලි 29 කැබිනට් එකට ආවා. කැබිනට් අනුකමිටුවේ හිටපු ඇමතිවරුන්ගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් විදිහයට. ඒකට කැබිනට් අනුමැතියන් ලැබුණා.
හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් එතනමයි…!
– සිරස Newsfirst –







