BREAKING NEWS
Search

දික්ඔය රෝහලේදී මළ සිරුරක් දූෂණය කරලා!

1811

දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදී 23 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් තිදෙනෙකු විසින් දූෂණය කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සම්පූර්ණ කරුණු සොයා බැලීමක් සිදු කර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය **නලින්ද ජයතිස්ස** මහතා අද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී එම සිද්ධිය පිළිබඳව **වී. රාදක්‍රිෂ්ණන්** මන්ත්‍රීවරයා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර අවශ්‍ය නීතිමය හා පරිපාලන ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටි රාදක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා, “මැරුණු කාන්තාවකටවත් මේ රටේ ආරක්ෂාව නොමැති නම් අපි කුමක් කළ යුතුද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් විසින් විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!