මැදපෙරදිග ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව වාර්තා වේ.
එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
තරගාවලිය විස්සයි20 තරගයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, එහි පළමු තරගය එළැඹෙන 13 වැනිදා සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
කෙසේ වෙතත්, වත්මන් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය තාවකාලිකව කල්දමා ඇති අතර, නව දිනයන් පිළිබඳව ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.







