BREAKING NEWS
Search

ලෝකයම හොල්ලන කිම්ගේ “යකඩ හමුදාව” ඇත්තටම උතුරු කොරියාවේ යුධ බලය කොහොමද?

2598

 

දවල්ට කන්න නැතත්, කරුවලේ හිටියත් උතුරු කොරියාවේ කිම් ජොන් අන් (Kim Jong Un) ලෝකෙටම සද්දේ දාන්නේ නිකම්ම නෙවෙයි. 2026 වෙද්දී මේ හුදෙකලා රාජ්‍යය තමන්ගේ යුධ ශක්තිය අලුත්ම මට්ටමකට ගෙනැත් තියෙනවා. බලමුද මෙයාලගේ හැබෑවටම තියෙන පවර් එක මොකක්ද කියලා?

 

1. මිලියනයක හමුදාව! 

උතුරු කොරියාවේ හමුදාව ලෝකයේ තියෙන විශාලතම හමුදාවලින් එකක්. මිලියන 1.3 කට වඩා වැඩි ස්ථිර හමුදාවක් සහ මිලියන 6 ක් විතර වන අතිරේක (Reserve) බලකායක් මෙයාලට ඉන්නවා. ඒ කියන්නේ රටේ හැම පස් දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් මොකක් හරි විදිහකට හමුදාවට සම්බන්ධයි!

 

2. අලුත්ම ICBM සහ මිසයිල සෙල්ලම් 

දැන් උතුරු කොරියාව ගාව තියෙන Hwasong-19 වගේ මිසයිල වලට පුළුවන් ඇමරිකාවේ ඕනෑම තැනකට කෙලින්ම ගහන්න. කලින් තිබ්බ ඒවට වඩා මේවා වේගවත් වගේම හොයාගන්නත් අමාරුයි. මෑතකදී මෙයාලා “Solid-fuel” තාක්ෂණය පාවිච්චි කරන නිසා විනාඩි කිහිපයකින් මිසයිලයක් ලෝන්ච් කරන්න මුන්ට පුළුවන්. ⚡

 

3. න්‍යෂ්ටික බලය (The Nuclear Threat) 

මුළු ලෝකයම බය මේකටයි. උතුරු කොරියාව ගාව දැනට න්‍යෂ්ටික බෝම්බ 50 කට වඩා තියෙනවා කියලා තමයි කියන්නේ. කිම් ජොන් අන් දැන් මේවා පොඩි පොඩි මිසයිල වලටත් (Tactical Nukes) හයි කරන්න පටන් අරන්. ඒ කියන්නේ ඕනෑම මොහොතක විනාශකාරී ප්‍රහාරයක් එල්ල කරන්න මෙයාලා සූදානම්.

 

4. අභ්‍යවකාශ සහ සයිබර් යුද්ධය 

දැන් මේ සෙල්ලම තියෙන්නේ ගොඩබිම විතක් නෙවෙයි. උතුරු කොරියාව තමන්ගේම ඔත්තු බැලීමේ චන්ද්‍රිකා (Spy Satellites) උඩට යවලා තියෙන්නේ. ඒ වගේම මෙයාලගේ “Lazarus” වගේ හැකර් කණ්ඩායම් ලෝකේ බැංකු හූරගෙන කනවා. හමුදාවට සල්ලි හොයන්නේ ගොඩක් වෙලාවට මේ සයිබර් හොරකම් වලින්!

 

5. රුසියාව එක්ක අලුත් යාළුකම 

මේක තමයි අලුත්ම තත්වය. යුක්රේන යුද්ධයත් එක්ක රුසියාව සහ උතුරු කොරියාව පට්ටම ෆිට් වෙලා. උතුරු කොරියාවෙන් රුසියාවට උණ්ඩ සහ මිසයිල දෙනකොට, රුසියාවෙන් උතුරු කොරියාවට අති නවීන යුධ තාක්ෂණය ලැබෙනවා. මේක දකුණු කොරියාවටයි, ඇමරිකාවටයි ලොකු ඔලුවේ කැක්කුමක් වෙලා ඉවරයි.

 

මොකද හිතෙන්නේ? උතුරු කොරියාව ඇත්තටම ලෝක බලවතෙක් වෙන්නද මේ හදන්නේ?  නැත්නම් මේක නිකම්ම සද්දයකක් විතරද? 🤨




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!