ප්‍රබල පාතාලයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට මඟ සැලසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදය කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යැවීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
එම සිද්ධිය පාදක කරගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මේ වනවිට 15 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
එදින කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රාජකාරී කළ සියළුම තරාතිරම් තරාතිරම් වලනිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇති අතර එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ඉන්දික ලොකු හෙට්ටි මහතාගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
ඊට අමතරව ඉෂාරා සෙව්වන්දි අපරාධ කොට්ඨාසය තුළ සැකකාරියක් ලෙස හැසිරුණු ආකාරය සීසීටීවී දර්ශන ඔස්සේද විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ







