නාවල දකුණ ණය ගණුදෙණු සමූපකාර සමිතියක භාන්ඩාගරික සහ කලමණාකාරිනි රුපියල් කෝටියක ස්ථාවර තැන්පතුවක් ආපසු ලබානොදී වංචා කිරීමේ වරදකට කොළඹ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය මාර්තු 30 වන දින අත්වඩන්ගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 7 දක්වා රිමාන්ඩ් බන්ධනාගත කර ඇති බව වාර්ථාවේ.
අවුරුදු 3 ක පමන කලයක් මොවුන් විසින් මෙම තැන්පතුව ආපසු ගෙවීම පැහැර හැර ඇති අතර ඒ සම්බන්දයෙන් වසර තුනක පමන කාලයක් මහරගම පිහිටි ඔවුන්ගේ මව් සංගමයට සහ බස්නාහිර පලාත් කොමසාරිස් වෙත පැමිනිලි කලද, කිසිදු සාදාරන ක්‍රියාවලියක් ඉටුවී නොමැති බවටයි වාර්තා වෙන්නේ.
මෙවැනි තැන්පතු වංචාකොට තම පදිංචියද හැරගොස් ඇති මොවුන් දෙදෙනා එකම පවුලේ මව සහ දුව වන අතර පදිංචිය හැරයාමෙන් පසු මොවුන් විසින් එම සමිති රැස්වීම් නාවල විවෘත විශ්වවිදාලය ඉදිරිපිට පිහිටි විහාරස්ථානයේ සිදුකර ඇති බවද තව දුරටත් වාර්ථා වේ.





