BREAKING NEWS
Search

ධනංජය 14වැනි ටෙස්ට් ශතකය රැස්කරයි

27

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 14වැනි ටෙස්ට් ශතකය රැස්කිරීමට ධනංජය ද සිල්වා සමත් විය.

පන්දු 148කින් ගොඩනැගුණු ධනංජයගේ ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත් විය.

ඔහු ශතකය සම්පූර්ණ කරනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 69.2කදී කඩුලු 4ක් දැවී ලකුණු 249ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව, පාකිස්තාන පළමු ඉනිමට රැස්කළ ලකුණු 434/9ට වඩා තවත් ලකුණු 185ක් පසුපසින් සිටී.

ධනංජය සමගින් කඩුල්ල රැදී සිටින නායක කුසල් මෙන්ඩිස් ලකුණු 31ක් රැස්කරගෙන සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!