BREAKING NEWS
Search

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපති අධිකරණයට කියයි

29

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව දැනුම් දුන් නීතිපතිවරයා, එම සංශෝධන ඇතුළත් ලේඛනයක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!