BREAKING NEWS
Search

මාවෙයි සේනාධිරාජා අවසන් ගමන් යයි..!

181

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්‍රාප්ත වී ඇතැයි යාපනය පෙලීසිය පැවසීය.

මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) රාත්‍රී 10 ටපමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්‍රියාකාරීහුද දැනුම් දී සිටියහ.

මේ අනුව ඒ් මහතාගේ මෘත දේහය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරික්ෂණයෙන් පසුව දේහය ඥාතීන් වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

වන්නි රොමේෂ් මධූෂංක

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *