BREAKING NEWS
Search

ලොකු වන්දියක් ගෙවන්න වේවි – ශ්‍රීලංකාව අසල මුහුදු බත් කල නැව ගැන ඉරාන විදේශ ඇමති කියූ දේ..!

4755

 

අයිරිස් ඩේනා නමැති යුද නෞකාවට පහර දී එහි නාවික භටයන් මරා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවත් ඇමෙරිකාවට පසුතැවීමට සිදුවනු ඇති බවත් ඉරානය අනතුරු ඇඟවීමක් කළේය. ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචි මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ එරට මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි.

අයිරිස් ඩේනා නෞකාව සහ එහි නාවික භටයන්, ඉන්දීය රජයේ ඇරැයුමකට අනුව, ඉන්දියාවේ ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනයකට සහභාගී වී, එරට විශාඛාපට්නම් වෙරළබඩ නගරයේ සිට ආපසු ඉරානයට යාත්‍රා කරද්දී ඇමෙරිකන් හමුදා සබ්මැරීනය නෞකාවට පහර දුන් බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසීය.

ඇමෙරිකන් සබ්මැරීනයක ටෝපීඩෝ ප්‍රහාරයකට ලක් වෙද්දී අයිරිස් ඩේනා යුද නෞකාව ඉරානයේ සිට සැතපුම් 2,000 ක් දුරින් යාත්‍රා කරමින් තිබුණු බවත්, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඇමෙරිකාව ඊට පහර දී විනාශ කළ බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉරාන විදේශ අමාත්‍යවරයාට අනුව, ඉරාන නෞකාව සටනකට අවතීර්ණ වූ බවක් පෙන්නුම් කර නොමැත.

‘ඩේනා යුද නෞකාව ඉන්දීය රජයේ ඇරැයුමකට අනුව එරටට ගියා. ඔවුන් ආපසු ඉරානය බලා එද්දී තමයි ඇමෙරිකාව පහර දුන්නේ. අපේ නාවික භටයන් අමු අමුවේ මරා දැම්මා. ඇමෙරිකාවට ඒ ගැන වන්දි ගෙවන්න වේවි. දරුණු විදියට පසුතැවෙන්න වේවි. ඒක පොරොන්දුවක්’ යැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචි මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ජාත්‍යන්තර මුහුදේදී ටෝපීඩෝ ප්‍රහාරයෙන් විනාශ වෙද්දී නෞකාවේ නාවික භටයන් 130 දෙනකුට වැඩි පිරිසක් සිටි බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත. නෞකාවේ සිට තුවාල ලැබූ නාවික භටයන් තිස් දෙදනකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය. මළසිරුරු 61 ක් සොයා ගැනීමට ද හැකිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!