BREAKING NEWS
Search

සූර්යාගේ මතුපිට ඩොල්ෆින් හැඩැති විශාල සූර්ය ලපයක්, පෘථීවිය ඉන්න අපිට ඉස්සරහට මොකක් වෙයිද? නවතම අනාවරණයක්.

426

ඔබ අවුරෝරා එහෙමත් නැත්තම් භූ චුම්භක කුණාටු ගැන අහලා තියෙනවද ?

මීට දවස් කිහිපයකට කලින් අප ජිවත් වෙන පෘථීවිය මෙන්න මේ කියන අවුරෝරා එහෙමත් නැත්තම් භූ චුම්භක කුණාටුවකට මුහුණ දීලා තියෙනවා.

විශේෂම කාරණය තමයි මේ වෙනකොට සූර්‍යයාගේ මතුපිට ඩොල්ෆින් හැඩැති විශාල සූර්ය ලපයක් දැන් පෘථිවියට සෘජුව මුහුණලා තියෙන එක.

මෙන්න මේ කියන කාරණය නවතම නිරීක්ෂණ වලින් ද අනාවරණය කරගෙන තියෙනවා. මේ කලාපයෙන් අධිවේගී සූර්ය සුළං ප්‍රවාහ පිටවෙන අතර ඒවා නොවැම්බර් 16 දින පෘථිවියට ළඟාවීමේ හැකියාව අධික බව. NASA SDO/AIA දත්ත වලින් පෙන්වා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.

සූර්‍ය ක්‍රියාකාරකම මේ සතියේදී නැවතත් වැඩිවන ලකුණු පවතින අතර . සූර්ය සුළං ප්‍රවාහය පෘථිවියට සමීප වනවිට, උදෑසන අහසේ සහ රාත්‍රියේ අහසේ තවත් අලංකාර, විශාල අවුරෝරා දැකගැනීමටද අවස්ථාවක් ලැබෙන බවයි පැවසෙන්නේ…

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *