හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (01) දිනයේ සිදුවිය.
ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදීය.
කොළඹ සිනමන් ලේක් තරු පහේ හෝටලයේ පැවති එම උත්සවයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල, සාගල රත්නායක, රංග බණ්ඩාර, අඛිල විරාජ් කාරියවසම්, මනුෂ නානායක්කාර, වජිර අබේවර්ධන, මනෝ ගනේෂන්, දිගම්බරම්, ලක්ෂමන් ෆොන්සේකා , රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයන් පිරිසක් ද එක්ව සිටියේය.
පැයකට ආසන්න වේලාවක් රනිල් හා සජිත් මෙම මේසයේ සාකච්ඡා කරමින් සිටි අතර අනෙකුත් පිරිසද වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද යම් යම් කාරණා මතු කරමින් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
මෙහිදී රනිල් සහ සජිත් දෙදෙනා අතර හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වෙලාවක් කතාබහ කර ඇති බව දැනගන්නට ඇත.

Theleader







