දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු සහ දේශපාලන ක්ෂේත්‍රයටද පිවිස ඇති තලපති විජේගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් අලුත් වාර්තාවක් ඉදිරිපත් වී තිබේ. ඔහුගේ බිරිඳ වන සංගීතා විජේ, චෙංගල්පට්ටු අධිකරණයට දික්කසාද පෙත්සමක් ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇය පෙත්සමේ සඳහන් කර ඇත්තේ, විජේ වෙනත් නිළියක සමඟ පැවැත්වෙන බව කියන අනියම් සබඳතාවක් හේතුවෙන් තමන් දැඩි මානසික පීඩාවකට ලක්ව ඇති බවයි. එමෙන්ම, විවාහය තුළ නොසලකා හැරීම සහ ආත්මීය දුරස්වීමත් මෙම තීරණයට හේතු වූ බවද ඇය කියා ඇත.
1954 විශේෂ විවාහ පනත යටතේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, විවාහය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බව ඇය පෙන්වා දෙයි.
එසේම, පවුලේ පෞද්ගලිකත්වය සහ දරුවන්ගේ මානසික සුවය සලකා, නඩු විභාගය අප්‍රසිද්ධියේ පැවැත්වීමටත්, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණය සීමා කිරීමට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම සම්බන්ධ පළමු විභාගය ලබන අප්‍රේල් 20 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.







