BREAKING NEWS
Search

කොත්මලේ ජලාශයට මුලින්ම වතුර පුරවන වෙලාවෙ ඕතලාව පංසලේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපය – යටවී ගිය අපේ ඉතිහාසය ගැන ඇසෙන ඒ කතාව මෙන්න

3438

කොත්මලේ ජලාශයට මුලින්ම වතුර පුරවන වෙලාවෙ ඕතලාව පංසලේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපය.🙏🙏🙏

කොත්මලේ ජලාශයේ අදටත් වැඩ හිඳිනා කොත්මලේ ජලාශය සෑදීමේදී සැඟවී, යට වී ගිය ඕතලාව විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.
වර්ෂාව අධික සමයේදී කොත්මලේ ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ, 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් සහ ලංකා ඉතිහාසය තුළ අති ප්‍රබල පූජනීය පුරාවිද්‍යා නටඹුන් විශාලම ප්‍රමාණය ඊට යටව ගිය බව සඳහන් වෙයි.
කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.
කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී.
ඡායාරූපය – Dayan Sri Pushpa Shantha
______________________
,


උපුටා ගැනීමක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!