BREAKING NEWS
Search

මහින්ද බලන්න නිවසට බස්වලින් සෙනග ගෙන්වන වැඩසටහනක්

1982

මේවනවිට විශ්‍රාමික සුවයෙන් කල් ගෙවන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තවම පදිංචිව සිටින කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට ඔහුගේ පාක්ෂිකයින්ගේ සංවිධායකත්වයෙන් ඈත පළාත්වල සිට පාක්ෂිකයින් දිනපතා ගෙන්වන වැඩ පිළිවෙලක් ආරම්භවී ඇතැයි වාර්තාවේ.

 

මේ යටතේ රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ සිට පැමිණි බස් රථ කිහිපයක සෙනග මහින්ද මහතා බැහැදැක සුවදුක් විචාරන දර්ශන රූපවාහිනී නාලිකා වෙත ලබාදී තිබුණි.
මෙහිදී සභාව මෙහෙයවා තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

‘බුදුහාමුදුරුවො අනිමිසලෝචන පූජාව කළා වගේ මිනිස්සු මහින්ද මහත්තයා බලන්න එන්නේ’ එක් අයෙකු කියා තිබුනි.
මේ ලංකාවම ඉතින් හැදුවෙ මහින්ද මහත්තයානෙ.. අපි කලගුණ සලකන්න ඕන..’ තවත් අයෙකු කියා තිබුණි.

පසුගිය දිනවල හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගතවූ ආකාරයට ඊළඟට මහින්ද රාජපක්ෂගේ වාරය පැමිණෙනු ඇතැයි ඇතැමුන් අනාවැකි පළ කර තිබූ අතර මේ වනවිටත් මහින්ද රැඳී සිටින විජේරාම මාවත නිවසින් ඔහුට පිටත් කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු නීතිමය පසුබිම සැකසෙමින් පවතින අතරතුර මෙම සිදුවීම් වාර්තාවී තිබේ.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!