BREAKING NEWS
Search

මාලිමා ප්‍රතිපත්තිය කඩා ලොක්කෙුට සේවා දිගුවක්…!

628

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ම පුටුවකට ඉල්ලූ සේවා දිගුව මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව ලබා දීමට යන බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසමේ පුධානියකුගේ බිරිය හරහා මේ සේවා දිගුව ලබා දීමට යන බව ද ආරංචි මාර්ග පවසයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය හරහා අදාළ සේවා දිගුව ලැබීමට අපේක්ෂිත ඉහළ නිලධාරියා රාජ්‍ය සේවා කොමිසමෙන් මීට පෙර අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලූ විට මාස තුනක සේවා දිගුවක්ද ලබාදී තිබෙන බවද සඳහන් වේ.

වර්තමානයේදී රාජ්‍ය සේවා කොමිසම රාජ්‍ය සේවයේ කිසිම පුද්ගලයකුට සේවා දිගු ලබා නොදෙන අතර රජයේ ප්‍රතිපත්තියක් නිසා ඒ පියවර ගන්නා බව ද අනාවරණය වේ.

මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සේවා දිගු නොදෙන බව සඳහන් කර තිබෙන බව ත් පහළ තනතුරුවල සිටින අයට කඩිනමින් ඉහළ තනතුරු ලබා ගැනීමට හැකි වීම සඳහා එම තීරණය ගෙන ඇති බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Mawbima




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!