BREAKING NEWS
Search

පාර්ලිමේන්තුවට නයෙක් ඇවිත්

5687

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රවාහන අංශයේ කාර්යාලය අසලටම නාගයකු ඉකුත් සතියේ දිනක පැමිණීමෙන් එහි කලබලකාරී තත්වයක් ඇතිවිය.

මෙම නාගයා මුලින්ම දැක ඇතැයි පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ( මූල්‍ය) රෝහිත පද්මසිරි මහතාය

ඔහු එදින සවස් කාලයේ රාජකාරි කටයුත්තක නියැලී සිටියදී මෙම නාගයා දැක ගන්නට ලැබීමෙන් පසු පාර්ලිමේන්තුව ආරක්ෂක අංශ නිලධාරීන්ට නොපමාව දැනුම් දී ඇත.

ඒ අනුව පැමිණි ආරක්ෂක නිලධාරීන් නාගයා අල්ලා කැලෑ බද ප්‍රදේශයකට ගෙන ගොස් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. දියවන්නාව ජලාශය ආශ්‍රිත කැලෑවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට නාගයන් සහ පොළොඟුන් ඇතුළු විවිධ වර්ගයේ සර්පයන් පැමිණීම කාලයක් තිස්සේම සිදුවන්නකි. මීට පෙරද ආරක්ෂක අංශ නිලධාරීහු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි සර්පයන් ගණනාවක් අල්ලා ගෙන කැලෑ බැද ප්‍රදේශවලට ගෙන ගොස් දැමූහ

source – lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!