BREAKING NEWS
Search

සැප වාහන වෙන්දේසි වුනේ මෙහෙමයි. ජනාධිපති කාර්‍යාලේ සැප වාහන වෙන්දේසි වූ මිල ගණන් එළියට…

1089

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දාහතක් වෙන්දේසියේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවේචන එල්ල වෙමින් ඇත.

මෙම වෙන්දේසිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීත් සමාජ ජාලාවත් අදහස් පළවෙමින් තිබේ.

ඒ මගින් පෙන්වා දෙන්නේ මෙම වාහන අලෙවි කර ඇත්තේ වෙළඳපොලේ දැන් පවතින මිලට වඩා ඉතා පහළ මිල ගණන් යටතේ බවය.

හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක භාවිතා කල පොෂේ වර්ගයේ මෝටර් රථය අලෙවි කර ඇත්තේ දැනට වෙළඳපොලේ පවතින ටොයිටා රේස් වර්ගයේ රථයකට වඩා අඩු මිලකටය.

ටෝයොටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහනයක් අලෙවි කර ඇත්තේ ටොයොටා විට්ස් වෙනුවට හදුන්වා දී ඇති යාරිස් රථයකට වඩා අඩු මිලකටයි.

අදාල වෙන්දේසිදි වාහන අලෙවි වූ මිල ගණන් සඳහන් ලේඛනයක් සමාජ ජාල වලද හුමාරුවෙමින් තිබේ.

මෙම වාහන වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 200ක මුදලක් උපයාගෙන ඇතත් චෝදනා එල්ල වන්නේ මෙම වාහනවල වෙළඳපොල වටිනාකම අවම වශයෙන් රුපියල් කෝටි පනහ ඉක්මවනු ඇති බවටය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *