BREAKING NEWS
Search

ලාෆ් හිගය නැති කරන්න සමාගම ආණ්ඩුවෙනුත් ගෑස් ඉල්ලයි..

181

ලාෆ්ස් හිගයට විසඳුමක්? ගෑස් සැපයුම ගැන රජය තද අවවාදයක්

ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජය දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, පාරිභෝගිකයන් රවටන ආකාරයේ ක්‍රියාකලාප දිගටම පැවතිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

අමාත්‍යවරයා අනාවරණය කළේ, ලාෆ්ස් ගෑස් සමාගම සමඟ පෙබරවාරි 23 දා පැවති සාකච්ඡාවකදී පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් ලබාදීමට සමාගම පොරොන්දු වූ බවයි. එම අනුව මාර්තු මාසයේදී ගෑස් නැව් හතරක් ගෙන්වා වෙළෙඳපොළට බෙදාහැරීමටත්, අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාමටත් එකඟතාවයට පැමිණ තිබේ.

හම්බන්තොට ගෑස් තොගයක් තවමත් නිදහස් නැහැ

ලාෆ්ස් සමාගම හම්බන්තොට ගෑස් ටර්මිනල් සඳහා බදු නොගෙවීම හේතුවෙන් මෙට්‍රික් ටොන් 6,000 කට ආසන්න ගෑස් තොගයක් නිදහස් කරගත නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ තද අවවාදය

පාරිභෝගිකයන්ගෙන් සිලින්ඩර සඳහා ආරක්ෂිත මුදල් (deposit) ලබාගෙන තිබියදී සැපයුම කඩාවැටීම පිළිගත නොහැකි බව රජය අවධාරණය කරයි. එමෙන්ම, අවශ්‍ය වුවහොත් පාරිභෝගික අධිකාරිය හරහා නීතිමය පියවර ගැනීමටද සූදානම් බව ද ඔහු කියා සිටියේය.

සීපීසී ගෑස් ඉල්ලීමක්

හිඟය සමනය කිරීම සඳහා, ලාෆ්ස් ගෑස් සමාගම රජයෙන් තවත් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, සී.පී.සී. සතුව ඇති ගෑස් තොගවලින් දිනකට මෙට්‍රික් ටොන් 25ක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

විකල්පයක් ලෙස ලිට්රෝ

ලාෆ්ස් ගෑස් සැපයුම යථා තත්ත්වයට නොපැමිණේ නම්, පාරිභෝගිකයන් ලිට්රෝ ගෑස් ලංකා වෙත මාරු කිරීමටද රජය සලකා බලන බව වාර්තා වේ.(ape rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!