BREAKING NEWS
Search

UAE ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට සුළු තුවාල

1714

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත එල්ල වූ ඉරානය විසින් සිදුකළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව විදේශ වාර්තා සඳහන් කරයි.

UAE ආරක්ෂක අමාත්‍යාංශය අනුව, විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙම ප්‍රහාර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති අතර, එම පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකුද ඇතුළත් වේ.

එමෙන්ම මෙම ප්‍රහාරවලින් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් කිහිප දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අදාළ තුවාල ලැබූවන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, තත්ත්වය මේ වනවිට පාලනය යටතේ පවතින බව UAE බලධාරීන් සඳහන් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!