BREAKING NEWS
Search

පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩ බැස්සා යැයි ප්‍රසිද්ධ දහයියාගල කදුවැටිය ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න පුලුවන් –

347

පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩ බසින තැනක් යැයි දිඹුලාගල මාදුරු ඔය ජලාශය ආසන්න දහයියාගල කදුවැටිය ප‍්‍රසිද්ද වී ඇති බව නියෝජ්‍ය ඇමති ටීබී සරත් මහතා සඳහන් කරයි.

එනිසා එම ස්ථානය ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න හැකියාව ඇති බවත්ඒ පිළිබඳව ලෝකයට ගිය පණිවිඩයක් ඇති බවද පැවසූ ඔහු එම පණිවිඩය පෝෂණය කර සංචාරක කර්මාන්තය වර්ධනය කළ හැකි බවද හෙතෙම කියා සිටියි.

ඊට අදාළ වන විද්‍යාත්මක පසුබිමක් ඇත්තේ නම් එය ද සොයා එය පෝෂණය කළ යුතු බවද ඒ මහතා පැවසුවේය.

ජාතික රූපවාහිනියේ මහජන දිනය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

Source : lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!