BREAKING NEWS
Search

යෝෂිතගේ ආ ක්ල්බ් ගැටුමේ සැකකරුවන් හඳුනාගත්තා…අත්අඩංගුවට ගන්න විමර්ශන ක්‍රියාත්මකයි – පොලිසිය (Video)

63

පෙරේදි දිනයේ කොළඹ යුනියන් පෙදෙසේ රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් එම සමාජ ශාලාවේ ගැටුමක් ඇති කරගෙන ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තිබින.

හදුනාගෙන ඇති සැකකරුවන් දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හී පදිංචිකරුවන් වන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය පවසයි.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂ මහතාගේ පුත්‍ යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ කොළඹ 02 උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවක ගැටුමක් ඇති වී තිබේ. ඔවුන් සමග පුද්ගලයන් අට දෙනෙකු පැමිණ ඇතත් ඉන් එක් අයෙකු එම සමාජශාලාව තුලට ඇතුළුවීමට අවශ්‍ය අත් පළඳනාවක් නොතිබීම මෙම ගැටුමට හේතුව වී ඇත.

ආරක්ෂක අංශ නිලධාරියෙකු අත් පලදනාව ගැන විමසීමක් කල අවස්ථාවේ බහින්බස් වීමක් සිදුව ඇතිව පැමිණි අටදෙනා මෙම ආරක්ෂක නිලධාරියාට පහරදී ඇත. ඒ වන විට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති අතර පොලිසිය විසින් එහි ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකර ඇත. පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

යෝෂිත රාජපක්‍ෂ මහතා මුල්‍ය විශුද්ධිකරණයට අදාලව මේ වන විට අධිකරණයේ පවතින නඩුවක චූදිතයෙක් ලෙස නම් කර ඇති අතර ඇප මත නිදහස්ව සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *